Archives: ජූලි 2024

ජයග්‍රාහී ගෝලය

2023 පෙබරවාරි 5 වන දින තුර්කියේ පැවති පාපන්දු තරඟයකදී ක්‍රිස්ටියන් අට්සු ඔහුගේ කණ්ඩායම වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තේය. ජාත්‍යන්තර තරු ක්‍රීඩකයෙක් වූ ඔහු කුඩා දරුවෙක් ලෙස ක්‍රීඩාව ඉගෙන ගත්තේ තම රට වන ඝානාවේදී පාවහන් නොමැතිව දුවමිනි. ක්‍රිස්ටියන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් විය. “මගේ ජීවිතයේ සිදුවූ හොඳම දෙය යේසුස්වහන්සේය” කියා ඔහු කීවේය. අට්සු සමාජ මාධ්‍යයේ බයිබල් පද ප්‍රදර්ශනය කළේය. ඔහුගේ ඇදහිල්ල ගැන…

වචනවල වගකීම ගැනීම

ඛේදවාචකයකින් පසුව සාමාන්‍ය ආයතනවලින් වරද පිළිගැනීම ගැන බොහෝ විට අසන්න නොලැබේ. නමුත් දහ හත් හැවිරිදි සිසුවෙක් සිය දිවි නසා ගැනීමෙන් පසුව එක් ප්‍රසිද්ධ පාසැලක් ඔහුව ආරක්‍ෂා කිරීමට “ඛේදනීය ලෙස අසමත් වූ බව” පිළිගත්තේය. සිසුවාව අනෙක් සිසුන් විසින් වදයට ලක් කර තිබූ අතර පාසැල් නායකයින්ද එම වදයන් ගැන දැන සිටියත් ඔහුව ආරක්‍ෂා කිරීමට ඔවුන් වැඩි යමක් කර තිබුණේ නැත. එදින සිට…

ආශිර්වාද ගෙනෙන බිඳුණුකම

ඔහුගේ කොන්ද නැමී ඇත. ඔහු ඇවිදින්නේ හැරමිටියක ආධාරයෙනි. නමුත් වසර ගණනාවක් ඔහුගේ ආත්මික එඬේර සේවය සාක්‍ෂි දරන්නේ ඔහුගේ ශක්තියේ මූලාශ්‍රය වන දෙවියන්වහන්සේ මත ඔහු යැපෙන බවයි. 1993 දී දේවගැති විලියම් බාබර්ට කශේරු ස්තම්භය අකර්මණ්‍ය වන හෙයින් කොඳු ඇට පෙළේ වී අස්ථි එකට යාවෙන බව නිගමනය කරන ලදී. ඔහුට සෘජුව කියනු ලැබුවේ “බාබර්, එඬේර සේවය හැර ඔබට වෙන මගක් සොයා ගන්න…

අපගේ ශක්තිය අලුත්කර ගැනීම

මගේ නිවසේ සිට සැතපුම් කීපයක් ඈතින් රාජාලීන් යුවලක් විශාල කූඩුවක් සෑදූහ. වැඩිකල් නොයාම විශාල කුරුල්ලන්ට පැටව් ලැබුණි. ඔව්හූ පැටවුන්ට ඉතා ආදරයෙන් සැළකූහ. නුමුත් වැඩිහිටි රාජාලියෙකු ඛේදනීය ලෙස මෝටර් රථ අනතුරකින් මිය ගියේය. දින කිහිපයක් පුරාම ඒ නැතිවූ හවුල්කරු සොයන්නාක් මෙන ඉතිරිව සිටි රාජාලියා අසළ තිබූ ගඟක ඉහළ පහළ පියාසර කරමින් සිටියාය. අවසානයේ රාජාලියා නැවත කූඩුවට පැමිණ පැටවුන් හදා වඩා ගැනීමේ…